ආලෝකය කෙමින් මැකී යාමත් සමග සියල්ලන්ගේ ම ගැහෙමින් තිබූ ඇහිබැමි නිසල වන්නට විය. කැමරාවල ෂටර් හඬට අවදි වූ, තද නින්දේ සිටි රොටරැක්ට්වරුන් ඇතිවූ ලැජ්ජාව පසෙක තබා, මධ්‍යම රාත්‍රියේ සුළු ආහාරයක් සඳහා පිය නැග්ගෝ ය. පාර දෙපස විසිරී තිබූ කුඩා කඩ වලින් ඉහළට එසවුණු දුමාරය මීදුමත් සමග මුසු වූයේ එම රාත්‍රියට අවැසි උණුසුම ලබා දීමටය. උණුසුම් තේ කෝප්පයක් සමග පිරිනමන ලද රසවත් රොටී, තරුණ ආගන්තුකයින්ට එකිනෙකා හදුනාගන්නට අවස්තාවක් උදාකර දුන්නේ නොදැනුවත්වමය.
හෝරා 10 කට පමණ පසු උතුරේ පිට්ටනියකට පා තැබූ රොටරැක්ට්වරුන් ට උදෑසන ආහාරය ලෙස ප්‍රණීත ඉට්ලි සහ පරිප්පු ව්‍යංජනයකින් සංග්‍රහයක් රසවිදින්නට ලැබුනි. ඉන්පසු යාපනය මැද නගර රොටරැක්ට් සමාජයේ සාමාජිකයන් විසින් ඔවුන් ව පිට්ටනියට කැටුව යන ලද්දේ, දවසේ වැඩ සටහන ආරම්භ කරීමටයි. රොටරැක්ට්වරුන්ට එකිනෙකා හදුනා ගැනීමට අවස්තාවක්ලබා දෙමින් දවසේ ක්‍රියාකාරකම් ආරම්භ විය. මෙහි විෂේශත්වය වූයේ වෙනදා මෙන් සුපුරුදු ලෙස තම තමන්ව හදුන්වා දීම වෙනුවට ඔවුන්ට තම තමන්ට ලැබුනු සගයාව හදුන්වා දීමට සිදුවීමයි. සහභාගිව සිටි සියල්ලන්ගේම මුවගට සිනහවක් එක් කල මෙම ක්‍රියාකාරකම සමත් විය. දවසේ සිදුවූ ක්‍රියාකාරකම් අතරින් කැපී පෙනෙන ක්‍රියාකාරකමක් වූයේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් පිටි පිරුණු පිඟානක සඟවා තිබූ කාසියක් සොයා එය එම කණ්ඩායමේ තවත් සාමාජිකයන් දෙදෙනෙකු අතට ලබා දී ඔවුන්ගේ වටය ආරම්භ කර, වීල්බැරෝ තරඟයෙන් පසු, තවත් සාමාජිකයන් දෙදෙනෙකුගේ කකුල් තුනේ ධාවන තරඟය, අන්ධයාට යෝගට් කැවීම සහ ලණු අතරින් බාධක හරහා දුවගොස් තරඟයේ අවසානයට ළඟා වී කාසිය අවසානය තෙක් රැගෙන යාමේ තරඟය යි. මෙය එක් එක් පුද්ගලයාගේ කාර්යභාරය සහ කැපවීම සකණ්ඩායමටම බලපාන්නේ කෙසේද යන්න පෙන්විය.
![](https://static.wixstatic.com/media/dd8edc_4b029c771ffc47cd94648e2b4a3e524d~mv2.png/v1/fill/w_980,h_245,al_c,q_85,usm_0.66_1.00_0.01,enc_auto/dd8edc_4b029c771ffc47cd94648e2b4a3e524d~mv2.png)
වාරයෙන් වාරයට එකිනෙකා අතර පරතරය වැඩි කරමින් බිත්තර ඇල්ලීම තවත් විනෝදකාරී ක්‍රියාකාරකමක් විය. ක්‍රමයෙන් අභියෝගය වැඩි වනවාත් සමග ම කණ්ඩායම් සාමාජිකයන්ගේ ඉවසීම සහ නොපසුබස්නා උත්සාහය ප්‍රගුණ කිරීමට මෙය ඉවහල් විය. සාමාජිකයන් අට දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් භාෂා පිළිබඳ තිබූ බාධක ඉවත් කිරීමට සහ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ප්‍රගුණ කිරීමට 'හකා' ඉදිරිපත්කිරීමක් සිදු කළහ.
![](https://static.wixstatic.com/media/dd8edc_6597b751e4f443a793fa7a9da44722c5~mv2.png/v1/fill/w_980,h_245,al_c,q_85,usm_0.66_1.00_0.01,enc_auto/dd8edc_6597b751e4f443a793fa7a9da44722c5~mv2.png)
කොළඹ මැද නගරය, කොළඹ කොටුව, යාපනය මැද නගරය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, වත්තල, IIT , MSI , උතුරු කොළඹ සහ ICBT රොටරැක්ට් සමාජ වල සාමාජිකයන්ගේ සංවිධායක කණ්ඩායම් තම සාමාජිකයන්ගේ ශක්තීන් උපයෝගී කර ගැනීමටත්, ඔවුන්ගේ අපහසුතාවයන් සහ බිය පසෙකලා එකිනෙකාට උදව් කර ගැනීමටත්, කණ්ඩායම් හැඟීම මගින් විවිධත්වයේ එකමුතුව ප්‍රගුණ කිරීමට අවස්ථාවන් රැසක් නිර්මාණය කර තිබිණි.
කන්කසන්තුරේ මුහුදු තීරයේ මුහුදු වතුරින් තෙත බරියම් වී ගෙවුනු සුන්දර දිනයේ සන්ධ්‍යාවේ හිරු අවරට යන විට ලද චමත්කාරයත් අවට සිහිල් සුළඟ මගින් රොටරැක්ට් සාමාජිකයන්ගේ විඩාවට පත් අව්වට පිලිස්සුණු සමට නැවුම් ආශ්වාදයක් ලබා දුණි. එසේ ගතවුනු මනරම් දිනය අවසන් වූයේ රොටරැක්ට් සාමාජිකයන් ඔවුන්ගේ නවාතැනට රැගෙන යාමෙන් පසුව ය.
![](https://static.wixstatic.com/media/dd8edc_cc99d083712742ebb4865aa0f420b5e2~mv2.jpg/v1/fill/w_980,h_256,al_c,q_80,usm_0.66_1.00_0.01,enc_auto/dd8edc_cc99d083712742ebb4865aa0f420b5e2~mv2.jpg)
ප්‍රණීත ආහාර වේලක් පිරිසක් එකමුතු කරයි' යන වදන සනාථ කරමින් උතුරු සහ බටහිර ප්‍රදේශවල රොටරැක්ට් සාමාජිකයන් වෙන් ව යාමට ප්‍රථම එකම වහලක් යට ඔවුන්ගේ අවසන් ආහාර වේල භුක්ති වින්දේ ජාති භේද වලින් තොරව සුවහසක් මතක සහ වටිනාකම් එකිනෙකා සමග හුවමාරු කර ගනිමිනි .
Written by Rtr. Tashya Wickramarachchi
Translated by Rtr. Samadhi Kodagoda
check out our cluster video created by Rtr. Anjana Gajanayake,
https://www.facebook.com/516963321716053/posts/2878189605593401/?vh=e&d=n
Comments