නිරෝධායනය, කොවිඩ්-19, කොරෝනා..... මේ වචන මින් පෙර අවස්ථාවල එදිනෙදා ව්‍යවහාරයේ භාවිතා වුන ඒවා නොවේ. එහෙත් මෙම වචන කිහිපය සියලු ලෝවැසියන් ට මර බිය ඇති කර තම එදිනෙදා කටයුතු සියල්ල පසෙක දමා තමන්ගේ ම නිවෙස් ඇතුලේ ඔවුන් ව සිර කරන්නට තරම් බලවත් විය. පියෙවි ඇසට පෙනෙන්නට පවා එසේ සිතන්නට වත් බැරි තරම් කුඩා වෛරසයක් මුළු ලෝකෙටම මෙතරම් බලපෑමක් කරන විට, පුද්ගලයින් වශයෙන් අපෙන් සිදු විය යුතු කාර්යභාරය කුමක් ද? මෙය තවත් 'හැකි සෑමවිටම දෑත් සෝදන්න, නිවසට වී සිටින්න' යන්නක් නොවෙයි. ඉන් එහා ගිය 'පුද්ගල සංවර්ධනය' පිළිබඳ පොඩි සඳහන් කිරීමක්. මෙම දින කිහිපය, වයස් භේදයකින් තොරව සියලු දෙනා සමාජ මාධ්‍යය බොහෝ සේ භාවිතා කරන කාල වකවානුවකි. ඒ අතර බොහෝ අය තමන්ගේ සමාජ මාධ්‍යය ගිණුම් වල ඔවුන් ඉතා කම්මැලිකමින් නිවසට වී කල් ගත කරනවා සහ කරන්නට දෙයක් නොමැති ව සිටිනවා යැයි පළ කර තිබෙනු අපි දුටුවෙමු. එහෙත් ඒ පිළිබඳ මදක් කල්පනා කර බලන විට එම කියමනේ යම් දුරකට පදනම් විරහිත බවක් ඇති බව හැඟී යනවා නොවේද? ඔවුන්ට නිවසට වී කරන්න දෙයක් ඇත්තටම නැති ද? නොකඩවා දින කිහිපයක් නිවසට වී සිටින විට බොහෝ වැඩ කොටසක් කර ගැනීමට අවස්ථාව උදා වේ. කිරීමට නොහැකි දෙයක් නැති තරම් ය. අලුත් විනෝදාංශයක් පටන් ගන්න, නොදන්නා දෙයක් ඉගෙන ගන්න, මානසික නිදහසක් ලැබෙන දෙයක් කරන්න මීට වඩා උචිත කාලයක් නැවත අප මුළු ජීවිතේටම නොඒමට පුළුවන. නිරෝධායන කාලයට, ඇඳිරිනීතියට පෙර සිටි පුද්ගලයම මෙතරම් දින ගණනක් නිවසට වී සිට එලෙසින්ම නැවතත් සමාජගත වනවා නම්, එම පුද්ගලයා ප්‍රයෝජනවත් කාලයක් නිකරුණේ කා දැමූ පුද්ගලයෙකු බවට පත් වනු ඇත. තමන් ගත කරන කාලය ඵලදායි කරගැනීමට බොහෝ විදි ඇති අතර එය පැළයක් සිටවා, පොතක් කියවා වැනි ඕනම දෙයක් විය හැකියි. තාමත් ඇඳිරිනීතිය එසේම ය. අවසන් වන දිනයක් දන්නේ ද නැත. නිකරුණේ නොඉඳ එයින් ප්‍රයෝජනයක් ගැනීමට තවමත් අපට කාලය ඉතුරු ය. ඉතිරි වී තිබෙන දින කිහිපයෙන් හෝ අපගේ ජීවිතයට මොනයම් හෝ දෙයක් එකතු කර ගනිමු. මේ කාලසීමාව අවසන් වී තමන් සමාජයට නිරාවරණය වන්නේ ජීවිතේට යමක් එකතු කරගත්තා යැයි සතුටු වෙන පුද්ගලයෙක් හැටියට ද, නැතිනම් එය නාස්ති කරා යැයි පසුතැවෙන පුද්ගලයෙක් හැටියට ද? අපි ඒ ගැන බිඳක් සිතා බලමු. ස්තූතියි! Rtr. සමාධි කෝදාගොඩ
කොවිඩ්-19 සුබවාදී පැත්තක් ඇත්තටම නොවේද?
Tashya Wickramarachchi
Comentarios